ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධාන කරන වයස අවුරුදු 18 න් පහළ සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ හමීඩ් අල් හුසේන් විද්‍යාලය සහ මරදාන සහීරා විද්‍යාලය සමත් විය.
ඒ, තමන් සහභාගී වූ අවසන් පූර්ව තරගවලින් ජය වාර්තා කරමිනි.
එක් අවසන් පූර්ව තරගයක් කොළඹ හමීඩ් අල් හුසේන් සහ යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාල අතර පැවැත්විණ. ඉන් ගෝල 5 ට බින්දුවක් ලෙස ජය වාර්තා කළේ, හමීඩ් අල් හුසේන් විද්‍යාලයයි.
දෙවැනි අවසන් පූර්ව තරගය, මරදාන සහිරා සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාල අතර පැවැත්විණ. ඉන් ගෝල 1 ට බින්දුවක් ලෙස ජය වාර්තා කළේ, මරදාන සහිරා විද්‍යාලයයි.