CR & FC කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගනී.

0
264

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද මහ නුවර කණ්ඩායම සමඟ පැවැති තරගයේ ජය වාර්තා කිරීමට සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් විය.

මහ නුවර කණ්ඩායම සී ආර් කණ්ඩායම හමුවේ පරාජය වුණේ වසර 14 කට පසුවය.

තරගය ආරම්භයේ සිටම සී ආර් කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කළා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුනේ ලකුණු 26 ට 7 ක් ලෙස සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ඉදිරියෙන් සිටිමිනි.

නියමිත කාලය අවසන් වන විට සී ආර් ක්‍රීඩකයින් ලකුණු 38 ක් ලබා සිටියා.

මහ නුවර කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 26 ක්.

මෙම ජයග්‍රහණයත් සමඟ සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහන අනුව පෙරමුණ ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here