ජාතික බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට.

0
367

ජාතික බේස් බෝල් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

ඒ, අවසන් තරගයේදී නාවික හමුදාව පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බේස් බෝල් සංගමය සංවිධාන කළ තරගාවලිය, ඊයේ අවසන් වුණේ, දියගම බේස් බෝල් ක්‍රීඩා පිටියේදීය.

කණ්ඩායම් 19 ක් සහභාගී වූ තරගාවලියේ අවසන් තරගය නාවික සහ යුද හමුදා කණ්ඩායම් අතර පැවැත්වුණ.

එහිදී, ලකුණු 9 ට 4 ක් ලෙස තරගය ජය ගත්තේ, යුද හමුදාවයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු නාවික හමුදාවේ තුෂාර වික්‍රමසිංහ.

යුද හමුදාවේ සමීර රත්නායක හොඳම පන්දු රකින්නා ලෙසත්, එම කණ්ඩායමේ කමල් කිත්සිරි හොඳම පන්දු යවන්නා ලෙසත්, සම්මාන දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යුද හමුදාවේ මාලක ප්‍රියදර්ශන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here