දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියා සිටින තිසර පෙරේරා පන්දු 23 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 57 ක ඉනිම ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 93 ක ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් පිල (10 දා) සමත්විය. මෙය මෙවර තරගාවලියේ තරග 4 කට සහභාගිව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.
තරගයේ වීරයා – තිසර පෙරේරා
ලකුණු සාරාංශය
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 18 කදී කඩුලු 6 ට ලකුණු 207 යි – (තිසර පෙරේරා 57*, ෂොයෙබ් මලික් 44, ටොම් කොලර්-කැඩ්මෝර් 40, අෂේන් බණ්ඩාර 42, සීක්කුගේ ප්‍රසන්න 31/3,අශාන් ප්‍රියන්ජන් 23/1, නවීන් උල් හක් 36/1, දුෂ්මන්ත චමීර 54/1)කලම්බු ස්ටාර්ස් පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 114 යි (අශාන් ප්‍රියන්ජන් 35, ටොම් බැන්ටන් 18, ශෙර්ෆන් රදර්ෆර්ඩ් 10, දිනේෂ් චන්දිමාල් 28, මහීෂ් තීක්ෂණ 25/4, වහාබ් රියාස් 26/4, වනිඳු හසරංග 17/2)


















