මෙවර ජාතික දැල්පන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට HNB කණ්ඩායම සමත් විය.
ඔවුන් මෙම ශූරතාව අඛණ්ඩව දිනූ පස්වැනි අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධාන කළ තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වුණේ, වෙන්නප්පුව, ඇල්බට් එස් පීරිස් ක්‍රීඩාංගනයේදීය.
අවසන් තරගය සඳහා එච් එන් බී සහ ගුවන් හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණි.
තියුණු තරගයකින් අනතුරුව, ලකුණු 40 ට 39 ක් ලෙස ලකුණක තියුණු ජයක් ලැබීමට එච් එන් බී කණ්ඩායම සමත් විය.
තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නිය ලෙස ජයග්‍රාහී කණ්ඩායමේ දර්ශිකා අබේවික්‍රම සම්මාන දිනා ගත් අතර, දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව, ගුවන් හමුදාවේ සුරේකා කුමාරි.
දැල්පන්දු රැජින ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ රෂ්මි දිව්‍යාංජලී සම්මාන දිනා ගැනීමට සමත් විය.