මහීෂ් තීක්ෂණ සාජාහි 20 – 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ විශේෂ දක්ෂතා දක්වයි…

0
219

සාජාහි පැවැත්වෙන ජාත්‍යන්තර 20 – 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේම විශේෂ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

තීක්ෂණ තරගාවලියේදී නියෝජනය කරන්නේ සාජාහ් වොරියස් කණ්ඩායමයි.එම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ, ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 198 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ ලකුණු 15 ට කඩුලු 4 ක් බිඳහෙලීය.පිලිතුරු ලෙස සාජාහ් වොරියස් කණ්ඩායමට, කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් පමණි.

ඒ අනුව, ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ, කඩුලු 7 කිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here