ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික නෙට්බෝල් ශුරතාවය පළමු දිනය වු අද(20) දිනය අවසන් වන විට තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටය දක්වා තරග පැවැත් විණි.
මෙවර තරගාවලියට කණ්ඩායම් 26 ක් තරග වැදි අතර මුලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්විණි.කාණ්ඩ 08 ක් යටතේ තරග පැවැත්විණි.ඒ ඒ කාණ්ඩයන්හි ශුරතාවය දිනාගත් කණ්ඩායම් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.
අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්
*ශ්‍රී ලංකා ගුවන් හමුදාව
*හැටන් නැෂනල් බැංකුව
*වරාය අධිකාරිය
*කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය
*ශ්‍රී ලංකා නාවික හමුදාව
*ශ්‍රී ලංකා යුද හමුදාව
*කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
*කුරුණෑගල
ඒ අනුව අර්ධ අවසන් පුර්ව තරග පැවැත් වු අතර එහි ප්‍රතිපල පහත පරිදිය.
🟢ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව
ජය – ගුවන් හමුදාව (25/08)
🟢 ශ්‍රී ලංකා නාවික හමුදාව හා කුරැනෑගල
ජය -නාවික හමුදාව (25/08)
🟢හැටන් නැෂනල් බැංකුව හා කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලය
ජය – හැටන් නැෂනල් බැංකුව (31/07)
🟢වරාය අධිකාරි හා කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය
ජය – වරාය අධිකාරිය(35/17)
හෙට (21) තරගාවලියේ අවසන් පුර්ව තරග හා තෙවන ස්ථානය සදහා තරගය , අවසන් මහා තරගය සමග සමාප්ති උත්සවය පැවැත් වේ.
අවසන් පුර්ව තරග හෙට (21) පෙ.ව.8.00 ආරම්භ විමට නියමිතය.
අවසන් පුර්ව තරග පහත පරිදිය
🟢 ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර
🟢හැටන් නැෂනල් බැංකුව හා වරාය අධිකාරිය අතර
තෙවන ස්ථානය සදහා තරගය ප.ව 1.00 ද අවසන් මහා තරගය ප.ව 3.30ටද පැවැත් වීමට නියමිතය .