දකුණු ආසියානු රට හරහා දිවිමේ තරගයට ක්‍රීඩකයින් සූදානම්.

0
540

දකුණු ආසියානු රට හරහා දිවිමේ තරගය සඳහා තෝරා ගැනීමේ තරගය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී. එය මාර්තු දෙවැනි දා පැවැත්වීමට නියමිතය.

මේ සදහා තෝරා ගැනීමේ තරග ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ලෙස අංශ දෙකකින් පැවැත්විණ.

කණිෂ්ඨ අංශයේ පළමු ස්ථානය රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ලහිරු අචින්ත විසින් දිනා ගත්තේය.දෙවන ස්ථානය හිමිවූයේ බදුරලිය  කඹුරාවල මධ්‍යමහා විද්‍යාලයේ w එච් කේ මදුශාන්ට.තුන්වන ස්ථානයේ දිනා ගැනීමට දිගන රජවැල්ල හින්දු විද්‍යාලයේ ආර් විදුෂන් සමත් විය.

ජ්‍යෙෂ්ඨ තරගයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ  වී වක්ෂාන් විසින් දිනා ගනු ලැබුවා.දෙවන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකා පොලිසියේ ඒ එච් කුමාරට.තුන්වන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එන් ජී අබේරත්න විසින් දිනා ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here