සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති 20/20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
අද පැවැති තෙවැනි තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 9කිනි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
ඔවුන් පන්දුවාර 14 යි පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 82 ක් පමණි.
වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රයන් බෙනට් ලකුණු 29යි.
සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 5 දැවී ගියේ ලකුණු 11 ක් තුළ දැවී යාම කැපී පෙනිණ.
පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
ඇන්ජෙලෝ මැතිවිස් සහ මහීශ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිද හෙලීය.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 10යි පන්දු 5 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 88 ක් රැස් කරමිනි.
පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් රැස් කළේය.
තරගයේ වීරයා වනිදු හසරංග.
තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජෙලෝ මැතිවිස්ට හිමි විය.
Photo Credit : SLC

Zimbabwe tour of Sri Lanka 2024 | 3rd T20I 