බොක්සිං ජාතික ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට.

0
207

96 වැනි ජාතික බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

කාන්තා ශූරතාව හිමි වුණේ, ගුවන් හමුදාවටයි.තරගාවලිය කොළඹ රාජකීය විදුහල් බොක්සිං වලල්ලේදී පැවැත්විණ.දින 5 ක් පුරා පැවති තරගාවලියට, සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව  80 කට අදිකය.පිරිමි සමස්ත ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා යුද හමුදාව, රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත් විය.පොලිස් කණ්ඩායමට අනුශූරතාව හිමි විය.තුන්වැනි ස්ථානය හිමි වුණේ, නාවික හමුදාවටය.

තරගාවලියේ දක්ෂතම පරාජිතයා වූයේ, බී ටූ එෆ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එච් තිසර ආරච්චි ක්‍රීඩකයා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ කේ ජී පද්මසිරි සම්මාන දිනා ගැනීමට සමත් විය.තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනූ ගුවන් හමුදාව, රන් පදක්කම් 5 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා. එහි අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි වූ අතර තුන් වැනි ස්ථානය පොලිස් කණ්ඩායමටත් හිමි විය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ එම් ජී එම් ටී දසුනිකා.

එහි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ, ගුවන් හමුදාව නියෝජන කරමින් තරග වැදුණු කේ කේ එල් ටී පෙරේරා ක්‍රීඩිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here