ජාතික ජූඩෝ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය
තරගාවලිය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේ දී.
ශ්‍රී ලංකා ජූඩෝ සංගමය තරගාවලියට ක්‍රීඩා සමාජ දහඅටක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් හයිසීය පනහකට අධික ප්‍රමාණයක් සහභාගී විය.
තරග පැවැත්වුණේ කාන්තා හා පිරිමි බරපන්ති හයකින්.
කාන්තා තරගාවලියේ පදක්කම් පහක් දිනා ගත් යුද හමුදා කණ්ඩායම කාන්තා ශූරතාභය දිනාගත් අතර පදක්කම් හතරක් දිනා ගත් ගුවන් හමුදා කණ්ඩායම කාන්තා අනුශූරියන් බවට පත්විය.
තුන්වන ස්ථානයේ දිනාගත්තේ පදක්කම් දෙකක් දිනාගත් නාවික හමුදා කණ්ඩායමයි
පිරිමි තරගාවලියේදී පදක්කම් හයක් දිනාගත් යුද හමුදා කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර පදක්කම් පහක් ගත් ගුවන් හමුදා කණ්ඩායම අනුශූරයන් බවට පත්විය.
පදක්කම් එකක් දිනාගත් ඩෙල්ටා ක්‍රීඩා සමාජය තුන්වන ස්ථානය හිමිකරගත්තා
දක්ෂතම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී එන් ධර්මවර්ධනයි.
දක්ෂතම ක්‍රීඩිකාව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ එච් ආර් ඉමේශා.