සී.ආර් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමට ජය.

0
283

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් හැව්ලොක් කණ්ඩායම පරදවා ජය වාර්තා කිරීමට සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු අර්ධයේදී ලකුණු හතට තුනක් ලෙස ඉදිරියෙන් සිටියේ හැව්ලොක් කණ්ඩායම යි.

නමුත් තරගයේ නියමිත කාලය අවසන් වන විට සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ලකුණු 25 ක් ලබා ගෙන තිබුණි.

ප්‍රතිවාදී හැව්ලොක් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු දහයක් පමණි.

ඒ අනුව තරගයේ ජය සී අර් කණ්ඩායමට හිමි විය.

සී ආර් කණ්ඩායම රැස් කළ ලකුණු 25 ට ගෝල දිනුමක්, උත්සාහක දිනුම් තුනක් හා දඬුවම් පහරක් ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here