ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික බොක්සිං තරගාවලිය කොළඹ රෝයල් මාස් බොක්සිං වළල්ලේ දී ආරම්භ විය.
මෙවර ජාතික තරගාවලිය පැවැත්වෙන්නේ 86 වැනි වරටය.
ක්‍රීඩා සමාජ දහ අටක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවෝ එකසිය හැටකට වැඩි ප්‍රමාණයක් මීට එක්ව සිටි.
දින පහක් පුරා තරගාවලිය පැවැත්වෙන අතර අවසන් තරඟ ලබන 17 වැනි දින පැවැත්වීමට නියමිතය.
පිරිමි බර පංති අටකින් හා කාන්තා බරපන්ති අටකින් තරග පැවැත්වේ.