“ජාතික ශූරතාව 2024” දැල් පන්දු තරගාවලිය .

0
656

2024 ජාතික ශූරතාව දැල් පන්දු තරගාවලිය ජනවාරි 20, 21 දෙදින වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය 11 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනයේ අධ්‍යක්ෂිකා, ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය මේ බව පැවසීය. එහිදී එක් ලියාපදිංචි සංගමයකින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට මෙවර අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

මෙවර ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියේදී පවත්වන අතර, ඊට සුදුසු කණ්ඩායම ද තෝරා ගැනීමට නියමිතයි.

ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය මාර්තු මාසයේදීත්, අන්තර් සමාජ දැල්පන්දු තරගාවලිය පෙබරවාරි මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here