නවසීලන්ත සුපර් ස්මෑෂ් – 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඕක්ලන්ඩ් කණ්ඩායම සමග පැවති තරගයේදී සුපිරි දක්ෂතා දැක්වීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
ඇය මෙම තරගාවලියේදී නියෝජනය කරන්නේ නොදර්න් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහර දුන් නොදර්න් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා.
චමරි අතපත්තු ලකුණු 58 ක් රැස් කළේ, පන්දු 38 කට මුහුණ දෙමින්. ඇයගේ ඉනිමට 4 පහර 10 ක් ඇතුළත්. පිළිතුරු ලෙස ඕක්ලන්ඩ් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 114 ක් පමණයි.
තරගයෙන් නොදර්න් කණ්ඩායමට ලකුණු 19 ක ජයක් හිමි වුණා.