2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් ක්‍රීඩා 5 ක් ඇතුලත් වේ.

0
560

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු තවත් ක්‍රීඩා 5ක් ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලැබී තිබෙනවා.

අද (ඔක්. 16) ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ඔලිම්පික් කමිටුවේ නිල රැස්වීමේදී මෙම තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, සාමාජිකයින් දෙදෙනෙකු පමණයි.

මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණේ එක් වරක් පමණි. ඒ, 1900 වසරේ පැරීසියේදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී. එහි අවසන් තරගයේදී ප්‍රංශය පරදා මහා බ්‍රිතාන්‍යය ලකුණු 158ක ජයක් ලැබීමට සමත් වුණා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් සඳහන් කර ඇත්තේ, පන්දු වාර 20 ආකෘතිය ඔස්සේ ඉහළ යමින් පවතින ජනප්‍රියත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව, ඔලිම්පික් ක්‍රීඩා සඳහා ඇතුළු කිරීමට යෝජනා කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here