පාපන්දු ලෝක කුසළාන FIFA සුදුසුකම් ලැබීම සදහා පැවැත්වෙන තරගයක් ශ්‍රී ලංකාව හා යේමනය අතර හෙට (17) සවස 3.00 ට කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණයේදී (Race Course Ground) පැවැත්වේ.
එහි ප්‍රවේශපත් එදින දොරටුවෙන් මිලදී ගත හැකි අතර, සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් පමණක් නිකුත් කර ඇති බවත්, මෙම තරඟයේ ප්‍රවේශපත් අලෙවි කර ලබා ගන්නා මුදල් සියල්ල ජාතික ක්‍රීඩා අරමුදල සදහා බැර කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.