පාපන්දුව නැවතත් ජස්වර්ට…

0
275

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙන් හිටපු සභාපතිවරයකු වූ ජස්වර් උමාර් යළිත් වරක් සභාපති ධුරයට පත්ව ඇති අතර ඔහුගේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

සභාපති ධුරයට තරඟ වැදුන ජස්වර් උමාර් ලීග 67කින් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද  20 ක් පමණි.

ලීග 65 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අද (29) පස්වරු 3.00ට ආරම්භවිය. ලීග 2ක් නිලවරණයට සහභාගී වී නොතිබිණ. 

එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් ගේ සභාපතිත්වයෙන් යුතු නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ පැවති මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් ද එක්ව සිටියේය. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා 27දා රාත්‍රියේ දිවයිනට පැමිණි අතර මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here