ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට නීති සකස් කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයාට සංදේශයක්…

0
441

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය විදහා පාමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් එහි පාලන අධිකාරියේ වරදින් දූෂිත ආයතනයක් බවට පත් වී ඇති බවත්, එය දුෂණයෙන් තොර ආයතනයක් බවට පත් කර ගැනීම සදහා නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලමින් ”අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානය විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත අද (23) දින සංදේශයක් භාර දෙන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත වී ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ 14 දෙනෙකු තම පෞද්ගලික බූදලයක් සේ සලකා කටයුතු කරන නිසා බව සංදේශය මගින් දැනුම් දී ඇති අතර, මෙම ක්‍රමවේදය නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා රජයේ විගණනයකට යටත්ව අවශ්‍ය නීති රීති සකසා නව පනතක් මගින් දූෂණ වංචා වලට එරෙහිව තිත තැබිය හැකි නීති පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙස එහි වැඩිදුරටත් සදහන්ව ඇත.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා ඇතුළු එම සංවිධානයේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here