ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධව අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත් වී ඇත.
මාස 11ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත් කර ගැනීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිලවරණය පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දී ඇති අතර මෙමගින් සියලු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසෙනු ඇත.
ලබන සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී ඇති අතර එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී. එමගින් සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය ලැබෙනු ඇත.