ක්‍රිකට් වනසන පාලකයෝ වහා ඉවත් කරනු මැයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක්…

0
369

මේ රටේ මහජනතාව ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා වලට ඉඩ නොදෙන බවත් මැයි 09 වෙනිදා මෙන් අපි උඹලාගේ ගෙවල් වලට වැඩි කල් නොගොස් අනිවාර්යෙන් පැමිණෙන බවත් එදාට අපිව නතර කරන්නේ කොහොම දැයි බලාගනිමු යැයි නව ජනතා පෙරමුණේ විධායක සභික විමුක්ති ජයසුරිය තර්ජනාත්මකව පැවැසීය .

ජයසුරිය එසේ පැවැසුවේ මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගනිමු යැයි මෙරට ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලමින්, කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද (27) පෙරවරුවේ පැවති විරෝධතා උද්ඝෝෂණයට සභාගිවෙමින්ය

විරෝධතාකරුවන් පා ගමනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය දෙසට ගමන් කරන්නට උත්සහා කළ අවස්ථාවේ පොලීසීය සහ කැරැළි මර්දන පොලිසිය එම පා ගමන අතර මැදදී නතර කර දමන ලදී .

පසුව විරෝධතාකරුවන් පොලිසීය ඔවුන්ව නතර තරන ලද ස්ථානයේ සිට පුවරු ප්‍රදර්ශනය කරමින් පැය භාගයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරතව සිට පසුව විසිර ගියහ .

විරෝධතා  උද්ඝෝෂණය මැඩපැවැත්වීම සදහා කැරැළි මර්දන පොලිසීය කැදවා තිබු අතර ජල ප්‍රහාරක රථ ද සුදානම් කර තිබුණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here