ඉන්දු පකිස්ථාන ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් රෝහල් වල ඇඳන් වෙන් කරයි.

0
359

ඔක්තෝබර් 15  ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාගේත් අවධානය දිනා ගෙන ඇති ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයට ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගෙන ඇත. ප්‍රේක්ෂකයන් වේලාසනින්ම හෝටල් කාමර වෙන් කරගෙන ඇති බැවින් ඉඩ පහසුකම් නොමැති නිසා එදින අහමදාබාද්හි රෝහල්වල ඇඳන් වෙන් කිරීමට ක්‍රීඩා ලෝලීන් කටයුතු කර ඇත.

මෙම තරඟය පැවැත්වෙන දිනම හින්දු භක්තිකයන්ගේ නව රාත්‍රී  උත්සවයේ පළමු දිනය යෙදී ඇතී නිසා තරඟය වෙනුවෙන් ආරක්ෂාව ලබා දීම පිලිබඳ යම් ගැටළු කාරී තත්වයක් පැන නැඟී ඇත.

.මේ පිලිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා ඇති අතර, තරගයේ පැවැත්වෙන දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

මේ නිසා තරගය ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇති අතර , නමුත් දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here