SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය ඉන්දියාව දිනා ගනී.

0
297

සැප්තැම්බර් 5 වැනිදා සිට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති “SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය” ජයග්‍රහණය කරන්නට ඊයේ (14) ඉන්දියාව සමත් වූවා. ඒ නේපාලය ගෝල 4-0ක් ලෙස පරාජය කරමිනුයි. 

අවසන් මහා තරගය සඳහා ගෝල 2-1ක් ලෙස බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාව සුදුසුකම් ලබා ගන්නා විට, මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව ගෝල 6-0ක් ලෙස පරාජය කරමින් නේපාලය අවසන් මහා තරගය සඳහා අවතීර්ණ වුනා.  ‍

2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලියේ දී ද නේපාලය පරාජය කරමින් (ගෝල 7-0ක් ලෙස) ශූරතාවය දිනූ ඉන්දීය ක්‍රීඩකයින් නැවත වරක් ශූරතාවය සිය රට වෙනුවෙන් දිනා දෙන්නට සමත් වුනේ ගෝල 4-0ක් ලෙස අවසන් මහා තරගය ජයග්‍රහණය කරමිනුයි. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here