ශූරතාව රැක ගනිමින් මෙවරත් ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට.

0
793

තරගාවලියේ අපරාජිතව විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කල ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියන් අවසාන මහා තරගයේ දී 63 – 53 ක් ලෙස සත්කාරක සිංගප්පූරුව පරාජයට පත් කරමින් ඊයේ (11) දින ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දීමට සමත් වූවා. ‍‍

මේ වන විට ශ්‍රී  ලංකාව 06 වතාවක් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගෙන තිබෙනවා.

පළමු වටය -දෙවැනි වටය -තෙවැනි වටය -සිව්වැනි වටය

ශ්‍රී ලංකාව          13           27           46           63

සිංගප්පූරුව        19           30           38           53

ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ක්‍රීඩිකාවන් මේ වන විටත් 2023 ලෝක දැල්පන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වී තිබෙන අතර තරගාවලිය දකුණු අප්‍රිකාවේ Cape Town හිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here