ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.

0
379

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරග අවස්ථාව සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය. 

මෙම ජයග්‍රහණයත්  සමඟ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ඉඩ කඩක් වෙන් වද්දී ඉන්දියානු කණ්ඩායම අවධානම් සහගත තත්ත්වයක පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සදහා ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ජය ගතුයුතු වන අතරම පාකීස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ශ්‍රී ලංකාව ජයගත යුතුය. එසේ වුවහොත් ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීම සඳහා සුළු අවස්ථාවක්  ඉන්දියානු පිලට හිමි වනු ඇත.

කෙසේ වෙතත් 07 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර තරගයෙන් පාකිස්තානය ජය ගැනීමට සමත් වුවහොත් අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here