උත්කර්ෂවත් අන්දමින් SAFF පාපන්දු තරගාවලිය ඊයේ (05)දින කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ විය.
දිනයේ පැවති පළමු තරගයෙන් භූතානය ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට ඉන්දියාව සමත් වුනා.
දෙවෙනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමග තරග වැදුණි. එහිදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ගෝල 5-1ක පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
පළමු ගෝලය ලෙස බංග්ලාදේශ ක්‍රීඩක Rubel Shaikh විසින් සාර්ථකව පා පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුලට යොමු කරන්නට සමත් වුනා.
ශ්‍රී ලංකාවේ පළමු ගෝලය Yasser Sharfraz විසින් සාර්ථකව පන්දුව ගෝල රාමුව තුලට එල්ල කරන්නට සමත් වුනා.
ගෝල 5-1ක් ලෙස ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය දිනයේ දෙවැනි තරගය ජයග්‍රහණය කළා.