දිලංක ඉසුරු කුමාර බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 55 Kg බර පන්තිය යටතේ තරග වැදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් පලමු පදක්කම ලෙස ලොකඩ පදක්කම ජයග්‍රහණය කළේය.
දිලංක ක්‍රීඩකයා කුරුණැගල වැල්ලව උඩගම පදිංචිකරුවෙකි.
මොහු කුරුණැගල ගැට්ටුවාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීය. ගැට්ටුවාන විද්‍යාලයේ ක්‍රීඩා ගුරු වන්නිනායක මහතාගේ මග පෙන්වීම යටතේ කොතලාවල විද්‍යාලයේ බර ඉසිලීමේ පුහුණුකරු රැක්ෂාන් ගුණතිලක මහතා දිලංකගේ නිත්‍ය පුහුණුකරු විය.
2016 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැදී ක්‍රීඩා කටයුතු දියුණු කර ගැනීමට ඔහුට හැකි විය. සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවය කළ දිලංක බොහෝ ජයග්‍රහණ හමුවේ උසස්වීම් ලැබීය.
ඔහු ස්නැච් ක්‍රමයට 105kg බරක් එසවීමට සමත් වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ 120kg බරක් ද සමඟ සමස්ත බර 225kg එසවීමට සමත්වුණා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වේ 55 Kg බර පංතිය යටතේ 225Kg ඔසවා ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඉන්දියාවේ සංකේත් මහා දේව් 248 Kg ඔසවා රිදී පදක්කම ද, ඔහුට වඩා එක් කිලෝග්‍රෑමයක් 249 Kg ඔසවා තරගයේ රන් පදක්කම මැලේසියාවේ Bin Kasdan Mohamad Aniq දිනා ගත්තේය.
