ටෙස්ට් ශතකය සපුරන ඇන්ජලෝ මැතිව්ස්.

0
478

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව ලෙස 2009 ජූලි 04 වන දින සනිටුහන් වේ. ඔහුගේ මංගල ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වුණි.   

වසර 13 කට පසුව ඔහුගේ 100 වන ටෙස්ට් තරගය සුවිශේෂී වන්නේ එම ක්‍රීඩාංගණයේදීම පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබීමයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ඇති මැතිවිස් ලකුණු 6876 ක් ලබා සිටියි. එහි ඉනිමක සාමාන්‍ය 45.23 කි. ටෙස්ට් ශතක 13 ක් සහ අර්ධ ශතක 38 ක් මැතිව්ස්ගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

“ටෙස්ට් ලකුණු 10,000 ක් ලබා ගැනීමට ලැබුණොත් එය ගොඩක් සතුටට කරුණක් වෙනවා” යැයි දැනට තමන් සතු එකම අරමුණ ගැන මැතිව්ස් අදහස් දක්වා සිටියේය.  මැතිව්ස්ගේ අරමුණ කරා යෑමට ඔහුට තවත් ලකුණු 3124 ක් රැස් කර ගත යුතු වේ. ඔහු දැනටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6876 ක් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here