ලෝක ශූරතා තරඟාවලියක් සදහා පළමු වරට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මේ දිනවල ඇමරිකාවේ දී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වී මිනිත්තු 2:02.35ක කාලයකින් පස්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මීටර් 800 ඉසව්වෙන් ආසියානු පදක්කම් ලාභියෙකු වන ගයන්තිකා එම ඉසව්වෙන් මෙරට බිහි වූ දක්ෂතම ක්‍රීඩිකාවක් වන අතර එම ඉසව්ව සඳහා ඇයගේ පෞද්ගලික හොඳම කාලය සටහන් වන්නේ මිනිත්තු 2:01.44ක් ලෙසයි.
ඇය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට ද සහභාගී වීමට නියමිතයි.
