පසුගිය දා පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී ආසියානු කුසලානය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ඩුබායි හි සාජා හිදී පැවැත්වීමට සාකච්ඡා කළ බව වාර්ථා වේ.
ශ්‍රී ලංකාව තුළ පවතින ඉන්ධන හිගය, ආහාර ගැටලුව, දෛනික විදුලි ඇණ හිටීම් වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළ කමිටුව මෙම තීරණය ගත් බව සදහන් විය.
ආසියානු කුසලානය සඳහා වන මෙහෙයුම් පිරිවැය ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් දරනු ලබන අතර, තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වීම මඟින් නිළ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආදායමක් අහිමි නොවන නමුත් මෙරට හෝටල් සහ ප්‍රවාහන ක්‍රියාකරුවන් අහිමි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය සැලකිය යුතු ලෙස පාඩු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇෂ්ලි ද සිල්වා මහතා පෙන්වා දී ඇත.
ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ජූලි 22 වැනි දින ආසියානු කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
