ලොවම වඩාත් අවධානයෙන් බලා සිටින ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් වන 24 වන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා සැනකෙළිය 2022 වසරේ පෙබරවාරි 04 වන දින චීනයේ බීජිං නගරයේදී ආරම්භ වීමට නියමිතය. ශීත සෘතු ඔලිම්පික් උළෙල උත්කර්ශවත් අන්දමින් සහ විශිෂ්ට ආකාරයට පැවැත්වීම සදහා චීනය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරමින් සිටියි. මේ සදහා ඔවුන් වසර හතරක් පුරාවට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාන්ඩුවේ තානාපති කාර්යාලය සමග එක්ව, ඉදිරියේදී එළඹෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල සදහා ඔවුන්ගේ සහයෝගය සහ ක්‍රීඩකයින් දිරිමත් කිරීමේ වැඩසටහනක් අද (05) දින ක්‍රිඩා උළෙලට දින 30 කට පෙර කොළඹ වෙරළ නගරයේදී පැවැත්විණ.
2022 ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය උත්සවාකාරයෙන් දිග හැරෙන අයුරු නැරඹීම සදහා ජනතා සහභාගීත්වයෙන් යුත් සජීවි විකාශයක් එදින කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිත බව මෙම උත්සවයේදී නිවේදනය කෙරිණි.
මෙම උත්කර්ෂවත් මොහොත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තනාපති ගරු Qi Zhenhong මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. මෙම සමාරම්භක උළෙල, ශ්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර සබදතා ශක්තිමත් කිරීම සදහා වූ සන්ධිස්ථානයක් වන අතර එය ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම සදහා හේතු වනු ඇත.
2022 වසරේ පෙබරවාරි 04 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත මෙම උළෙල ඇරඹීමත් සමග, ශීත සෘතු ඔලිම්පික් වාර්තා අලුත් වීම, උද්වේගකර තරගකාරීත්වයන් සහ පෙර නොවූ විරූ ක්‍රීඩා දක්ෂතා වලින් පිරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මාසය ශ්‍රී ලංකා ඔලිම්පික් ලෝලීන්ට සජීවි ක්‍රීඩා ඉසව්හි විනොදාස්වාදය අත් විදිනා අතරතුර ක්‍රීඩා ඉතිහාසය ගැන රසවත් දෑ නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.
මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම,ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ක්‍රීඩා සභාවේ සභික යස්වන්ත් මුත්තෙට්ටුවේගම, 2020 ටෝකියෝ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්,එහි ලෝකඩ පදක්කම්ලාභී දුලාන් කොඩිතුවක්කු ඇතුලු සම්භාවනීය අමුත්තන් සහභාගී විය.