භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

0
329

ජාතික කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. පෞද්ගලික හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉල්ලා අස්වීමට හේතු වශයෙන් භානුක දැනුම් දී තිබේ.

“මම ක්‍රීඩකයෙකු වගේම ස්වාමිපුරුෂයකු ලෙසින් මෙම තීරණය ගනු ලැබුවා. මම මේ තීරණය ගනු ලැබුවේ පිය පදවියත් එක්කම වූ ඒ ආශ්‍රිත පවුලේ වගකීමේ අපේක්ෂාවෙන්” යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙ භානුක සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද එිම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

භානුක රාජපක්ෂ එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 18 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිළිවෙළින් ලකුණු 89 සහ 320 බැගින් රැස් කර ගැනීමට සමත්ව සිටියි. අවසන් වුණු එල්.පී.එල්. තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් පිල අනුශූරතාවය කරා රැගෙන යෑමටද භානුක රාජපක්ෂගේ නායකත්වය සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here