ආසියානු කුසලාන තරගාවලියට නම් කළ යොවුන් පිල පිටත්ව යයි.

0
326

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (21 දා) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියාන කුසලාන තරගාවලිය මෙහෙයවීම දුනිත් වෙල්ලාලගේ විසින් සිදුකරනු ඇත.

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. කළමනාකරු ලෙසින් මහින්ද හලංගොඩ මහතා කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here