33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අති උත්කර්ශවත් අන්දමින් කොළඹ දී ඇරඹේ.

0
326

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණතරුණියන් 3000 කගේ සහභාගීත්වයෙන් (19) දා අති උත්කර්ශවත් අන්දමින් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජසම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම, 2019 වර්ෂයේ මෙම ‍ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ සදීපා හෙන්රි හැන්ඩර්සන් හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්දික උදය කුමාර යන තරුණ තරුණියන් විසින් සිදු කරනු ලැබීය.

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්දි ල්ෂාන් චතුරංග ජයකුරු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, 20 දින සිට 22 දින දක්වා දින 03 ක් මෙම ක්‍රීඩා උළෙලේදී 20 න් ඉහළ හා පහළ වශයෙන් තරග අංශ 02 ක් යටතේ කාන්තා හා පිරිමි මලල ක්‍රීඩා තරග ඉසව් 17 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here