පාසල් රග්බි සත් සාමාජික තරගාවලිය – පිළියන්දල මැදි විදුහලට ‘බී’ කොටසේ ශූරතාව හිමිවේ.

0
425

ලකුණු 24-12කින් කේරී විදුහල් පිල පරාජය කළ පිළියන්දල මැදි විදුහල් කණ්ඩායම බස්නාහිර පළාත් සත් සාමාජික ‘බී’ කාණ්ඩයේ රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා පැවැති බස්නාහිර පළාත් ‘බී’ කොටසේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේදී පිළියන්දල මැදි විදුහල් පිල උත්සාහක දිනුම් 4ක් තැබූ අතර, ඉන් දෙකක්ම ගෝල බවට පත් කිරීමට සමත් විය. අනුශූරතාව දිනූ කේරි විදුහල් පිල වාර්තා කළේ උත්සාහක දිනුමක් සහ ගෝලයක් පමණි.

කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයේදී කේරී විදුහල් පිල ලකුණු 10-7කින් මොරටු මහා විදුහල් පිල පරාජය කළ අතර, පිළියන්දල මැදි විදුහල් පිල හමුවේ සාන්ත බෙනඩික්ට් විදුහල් පිල ලකුණු 17-12කින් පරාජයට පත් විය.

මොරටු මහා විදුහල් පිල පරාජය කරමින් පළඟ ශූරතාව දිනා ගැනීමට සාන්ත බෙනඩික්ට් විදුහල් පිල සමත් වූ අතර, නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් පිල ලකුණු 21-5කකින් පරදවා බඳුන ශූරතාව දිනා ගැනීමට මහනාම විදුහල් පිල සමත් විය. පාදුක්ක සිරිපියරතන විදුහල් පිලට එරෙහිව ලකුණු 19-5ක ජයක් වාර්තා කළ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල් පිල තරගාවලියේ පළිහ ශූරතාවට හිමිකම් කීවේය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයූ මාර්ගෝපදේශ යටතේ පැවැති බස්නාහිර පළාත් සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසිනි. ‍

මෙම තරගාවලියේ ‘ඒ‘ කොටසේ ශූරතාවලිය බම්බලපිටිය ශාන්ත පීටර්ස් විද්‍යාලය දිනාගන්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here