දඹුල්ල ජයන්ට්ස් ක්‍රීඩකයෝ තරගාවලියේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක වුණු ‘එලිමිනේටර්’ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඊයේ (19 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රහණයත් සමඟ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරග වටයේ දෙවැනි තරගය සඳහා දඹුල්ල ජයන්ට්ස් පිල සුදුසුකම් ලබා ගත් අතර පරාජිත කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.
තරගයේ වීරයා – ජනිත් ලියනගේ
ලකුණු සාරාංශය
කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 145 යි – (ඇන්ජලෝ මැතිව්ස් 50*, පැතුම් නිස්සංක 42, ටොම් බැන්ටම් 13, ධනංජය ද සිල්වා 15, කරීම් ජනට් 11*, නුවන් ප්‍රදීප් 23/2, ඉම්රාන් තහීර් 25/2, චාමික කරුණාරත්න 31/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146 යි – (ජනිත් ලියනගේ 56*, නජිබුල්ලා සද්‍රාන් 34, පිල් සෝල්ට් 32, සඳුන් වීරක්කොඩි 10, චාමික කරුණාරත්න 10*, දුෂ්මන්ත චමීර 24/1, නවීන් උල්හක් 26/1, සීකුගේ ප්‍රසන්න 36/1, ජෙෆ්රි වැන්ඩර්සි 34/1)