එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ ලකුණු 121 ක සම්බන්ධතාවත් මෙවර තරගාවලියේ කඩුලු 5 ක් දවා ගන්නා ලද දෙවැනි පන්දු යවන්නා බවට නුවන් තුෂාර පත්වීමත් ප්‍රධාන කොට Play off තරග වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (19 වැනිදා) රාත්‍රියේ සමත්විය.
ග්ලැඩියේටර්ස් පිල හමුවේ ජැෆ්නා කිංග්ස් පිට පිට ලද තෙවැනි තරග පරාජය බවටද පත්වූ මෙම තරග පරාජයත් සමඟ ඔවුන් එලිමිනේටර් තරගයේ ජයග්‍රාහකයින් වූ දඹුල්ල ජයන්ට්ස් පිල සමඟ තරග වදිනු ඇත. ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගයේ ජයග්‍රාහකයින් ලබන 23 වැනිදා ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ වූ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.
තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්
ලකුණු සාරාංශය
ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 188 යි – (කුසල් මෙන්ඩිස් 85, ධනුෂ්ක ගුණතිලක 55, භානුක රාජපක්ෂ 25, අන්වර් අලී 12, වහාබ් රියාස් 39/2, තිසර පෙරේරා 36/2, සුරංග ලක්මාල් 29/1)
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 124 යි – (රාමනුල්ලා ගුර්බාස් 59, වනිඳු හසරංග 29, නුවන් තුෂාර 13/5, ඉසුරු උදාන 19/1, පුලින තරංග 13/1, අන්වර් අලී 03/1)