ලකුණු 9 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණේ.

0
362

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම සඳහා දෙපිළටම තීරණාත්මක තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ එම සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට තේරී පත්වීමට ඊයේ (14 දා) රාත්‍රියේ සමත්වූහ. එල්.පී.එල්. 2021 තරගාවලියේ මූලික තරග වටය යටතේ තවත් තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබුණත්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අමතරව ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම්ද මේ වන විටත් අවසන් කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය සඳහා ස්ථාන වෙන් කර ගෙන සිටිති.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන රැඳී සිටින කලම්බු ස්ටාර්ස් පිලටත් කැන්ඩි වොරියර්ස් පිලටත් ඉදිරියේ තරග වැදීමට නියමිත තරග තීරණාත්මක වනු ඇත. මෙම කණ්ඩායම් දෙක අතරින් කලම්බු කිංග්ස් කණ්ඩායම තරග 6 කදී ජයග්‍රහණ 3 ක් ලබා ප්‍රසාද ලකුණු 6 ක්ද, කැන්ඩි වොරියර්ස් පිල තරග 6 කදී එක් ජයග්‍රහණයක් සමඟින් ප්‍රසාද ලකුණු 2 ක්ද ලබා එම සටහනේ පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.

තරගයේ වීරයා – සමිට් පටෙල්

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 14 කදී කඩුලු 7 ට ලකුණු 134 යි – (ධනුෂ්ක ගුණතිලක 22, කුසල් මෙන්ඩිස් 35, භානුක රාජපක්ෂ 33, මොහොමඩ් හෆීස් 11, ඉසුරු උදාන 13, ජොෂ් ලිට්ල් 29/2, ඉම්රාන් තහීර් 20/3, තරිඳු රත්නායක 17/1)

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 14 කදී කඩුලු 5 කට ලකුණු 125 යි – (ජනිත් ලියනගේ 51, පිල් සෝල්ට් 41, නජිබල්ලා සද්‍රාන් 16, ඉසුරු උදාන 30/2, සමිට් පටෙල් 24/1, මොහොමඩ් අමීර් 24/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here