පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවයේ දී ශ්‍රීමාලි සමරකෝන්ගෙන් රන් පදක්කමක්.

0
280

මේ දිනවල උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රීමාලි සමරකෝන් සමත්ව ඇත.

තරගාවලියේ කිලෝග්‍රෑම් 45 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි ශ්‍රීමාලි එම කාණ්ඩය යටතේ කිලෝග්‍රෑම් 136ක බරක් සාර්ථකව ඔසවා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්ව තිබූ අතර මෙම ජයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ද ඇයට හැකි වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here