ලෝක ප‍්‍රකට අළු බදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

0
220

එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර වසර 1982 සිට පැවැත්වෙන ලෝක ප‍්‍රකට අළු බදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ 72 වැනි තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන්හි ගබා ක‍්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) ආරම්භ වේ.

ලබන ජනවාරි 14 වැනිදා පර්ත් හි පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් තරගාවලිය නිමාවීමට නියමිතය.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරගාවලි 71න් ඔස්ටේ‍්‍රලියාව තරගාවලි 33ක්ද, එංගලන්තය තරගාවලි 32ක්ද ජයග‍්‍රහණය කර ඇති අතර තරගාවලි 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වේග පන්දු යවන ක‍්‍රීඩක පැට් කමින්ස් විසින් මෙහෙය වන අතර එංගලන්තය ජෝ රූට් විසින් මෙහෙයවනු ලබති. තරගාවලිය තරග 5කින් යුක්තවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here