මාල දිවයින වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 03 කින් සමන්විත වොලිබෝල් ටෙස්ට් තරගාවලිය 2021 දෙසැම්බර් මස 08 දින සිට 13 දින මාලදිවයින හී ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම 2021 දෙසැම්බර් මස 08 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරන අතර කණ්ඩායම් නව නායකයා ලෙස ලසිදු මෙත්මාල් ක්‍රීඩකයා තෝරාපත් කර ඇත.මෙම කන්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම සමුහ ඡයාරූපයකට පෙනී සිටින ලදි.
කණ්ඩායම් ඡායාරූපය අසුන්ගෙන (වමේ සිට)අයේෂ් දිල්හාන් – උප නායක, නිශාන් ඉන්දික – සහාය පුහුණුකරු 1, නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා – කළමණාකරු, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, සුසිරි මංගල කුමාර- සහාය පුහුණුකරු – 2, ලසිදු මෙත්මාල් – කණ්ඩායම් නායකදෙවන පෙල (වමේ සිට)මනෝජ් සුරංග, මහේෂ් චන්ද්‍රකුමාර, රුචිර සම්පත්, විදුර ප්‍රභාත්, තරුෂ චමත්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, විනෝද් මධුරංග, හරිත හෂාන්, ඉසුරු මධුෂාන්, දනුෂ්ක දිල්ෂාන්, ඒ.ඩබ්. ලක්මාල්















