ලංකා ප්‍රිමියර් ලීග් LPL – 2021 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් පළමු ජය ලබයි.

0
322

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ මූලික තරග වටය යටතේ සහභාගි වුණු දෙවැනි තරගය හෙවත් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහි තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ඊයේ (07 දා) අත්කර ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමට දඹුල්ල නායක දසුන් ශානක තීරණය කළේය. ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි.

පළමුව පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 27 කදී ළකුණු 33 ක් ගෙන ලකුණු අතරට පිවිසුණේය. රාමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල ඉම්රාන් තහීර් විසින් වේලාසනම දවා ගත්තද ටොම් කෝලර්කැඩ්මෝට එක්වූ අවිෂ්ක දෙවැනි කඩුල්ලට පන්දු 41 කදී ලකුණු 63 ක් එක් කළහ.

පන්දු 45 ක් ඉතිරිව තිබියදී ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය සනිටුහන් වද්දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් කෝලර්කැඩ්මෝර්ගේ නම ඉදිරියෙන් පන්දු 30 කදී ලකුණු 45 ක්ද හයේ පහර 3 ක් සමඟින් ෂොයෙබ් මලික්ගේ නම ඉදිරියෙන් පන්දු 10 කදී ලකුණු 26 ක්ද සටහන්ව තිබිණ.

තම පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සටහන් කරගත් දකුණත් පන්දු යවන්නා තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 3 ක්ද වනිඳු හසරංග ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්හ. ඊට අමතරව වේග පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ ජේඩ්න් සීල්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දඹුල්ල ජයන්ට්ස් පල මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට ඔවුන්ගේ නීරස පිතිහරඹයද හේතු නොවූවා නොවේ. පන්දුවට පහර එල්ල කිරීමේදී නිසි තෝරා ගැනීමකින් තොරව ක්‍රීඩා කිරීමෙහි ප්‍රතිඵලය වූයේ නුවනිඳු ප්‍රනාන්දු (23) හැර සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට නොහැකි වීමයි.

තරගයේ වීරයා – මහීෂ් තීක්ෂණ

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (නුවනිඳු ප්‍රනාන්දු 23, දසුන් ශානක 13, චාමික කරුණාරත්න 18, රමේෂ් මෙන්ඩිස් 14, මර්චන් ඩි ලෑන්ග් 13, වනිඳු හසරංග 16/3, මහීෂ් තීක්ෂණ 22/3, සුරංග ලක්මාල් 28/2, ජේඩ්න් සීල්ස් 23/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 12.3 කදී කඩුලු 2 කට ලකුණු 114 යි – (ටොම් කෝලර්කැඩ්මෝර් 45*, ෂොයෙබ් මලික් 26*, අවිෂ්ක ප්‍රනාන්දු 33)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here