අබුඩාබි ටී-10 කිරුළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් දිනයි.

0
319

අබුඩාබි ටී – 10 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහා තරගයේදී දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56 කින් පරාජයට පත් කරමිනි.

 තීරණාත්මක අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 159ක් වාර්තා කිරීමට සමත්විය. සුපිරි ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කළ ඇන්ඩෲ රසල් පන්දු 32කදී නොදැවී ලකුණු 90ක් ටොම් කොලර් පන්දු 28කදී නොදැවී ලකුණු 59ක් වාර්තා කළේය. රසල්ගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 9ක් සහ කොලර්ගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දිල්ලි බුල්ස් කණ්ඩායම පන්දුවාර 10දී කඩුලූ 7ක් දැවී ලකුණු 103කට සීමා කිරීමට වනිඳු හසරංග ප‍්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූහ. වනිඳු හසරංග සිය පන්දුවාර දෙකේදී ලකුණු 20කට දිල්ලි ඉනිමේ කඩුලූ 2ක් බිඳ දැමීමට සමත් වූ අතර ඔඩෙන් ස්මිත් සහ ටයිමල් මිල්ස් කඩුලූ 2 බැගින් බිඳ දැමීය. ඇන්ඩෘ රසල් එක් කඩුල්ලක් බිඳ දැමීය.

 දිල්ලි බුල්ස් වෙනුවෙන් පන්දු 20කදී ලකුණු 42ක් වාර්තා කිරීමට චන්ද්‍රපෝල් හෙම්රාජ් සමත්විය. රහමුල්ලා ගුර්බාස් ලකුණු 14ක් සහ ඔයින් මෝගන් ලකුණු 13 කට දැවී ගියේය.

 තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ වනිඳු හසරංග තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්වූ අතර ඇන්ඩෲ රසල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. හසරංග තරගාවලියේ තරග 12කදී කඩලූ 21ක් බිඳ දැමූ අතර ඊට කඩුලූ 4ක් බිඳ දැමූ එක් අවස්ථාවක් සහ කඩුලූ 5ක් බිඳ දැමූ එක් අවස්ථාවක්ද ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here