LPL හි ‘සන්නිවේදන සහකරු’ ලෙස Dialog අත්වැල් බැඳ ගනී

0
576

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ 2021 අදියරේ නිල සන්නිවේදන සහකරු ලෙසින් එක්වෙමින් තරගාවලිය බලගැන්වීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC තීරණය කර තිබෙනවා.

ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ වට ලෙසින් තරග 24කින් සමන්විත මෙවර තරගාවලිය සඳහා Jaffna Kings, Colombo Stars, Galle Gladiators, Kandy Warriors ලෙසින් කණ්ඩායම් 5ක් තරග වදිති.

LPL තරගාවලිය 2021 දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් 23 වැනිදා එහි අවසන් මහා තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

“දකුණු ආසියානු කලාපයේ මහත් පිළිගැනීමක් හිමි වන කැපී පෙනෙන ඉසව්වක් බවට පත්වන LPL තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙසින් අනුග්‍රහය දැක්වීමට හැකි වීම සම්බන්ධයෙන් Dialog සමාගම මහත් සතුටට පත්වෙනවා”, යැයි පවසන Dialog Axiata PLC හී සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා, “වසර 10ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන්  කටයුතු කරන අතර  ජාතික කණ්ඩායම වෙනුවෙන් අනාගත ශූරයන් හඳුනා ගැනීම හා තෝරාගැනීම උදෙසා LPL වැනි තරගාවලියක් අගනා වේදිකාවක් බවට පත්වනු ඇති බවට විශ්වාස කරනවා”, යැයි වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here