අයහපත් කාලගුණය තෙවැනි දිනට හරස්වීම නිසා තේ පානය වේලාසනින් හෙවත් ප.ව. 2.20 වන විටම ලබා ගැනීමට විනිසුරුවන් තීරණය කර තිබේ. දිවා ආහාරයෙන් මිනිත්තු 25 කට පමණ පසු තරගයට වර්ෂාව ඇද හැළීම නිසා දිනය අවසන් වීමට මත්තෙන් යැවීමට තවත් පන්දුවාර 52 ක් ඉතිරිව තිබේ.
අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.
තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලෙන් කැපී පෙනුණු පළමුවැනි අවස්ථාව ලෙස එම උඩ පන්දු රැකීම සටහන්විය. ඊට පසු කැපී පෙනුණේ ජේසන් හෝල්ඩර් දවා ගැනීම වෙනුවෙන් දුෂ්මන්ත චමීර ගුවනට පැණ රැක ගත් උඩ පන්දුව විය. දඟ පන්දු යවන්නන්ගේ අමතර ඉපිලීමකින් යුතු පන්දු හමුවේ මෙම කඩුලු 2 දැවී යෑමද කැපී පෙනිණ.
අයහපත් කාලගුණය දිගින් දිගටම තරගයට සිදුකරන බලපෑම හේතුවෙන් තෙවැනි දිනට තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරයෝ කටයුතු කළහ. පස්වරු 1.03 ට ඇද හැළුණු වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් ආලෝක තත්ත්වය මත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ බැවින් ප.ව. 4.20 ට පමණ තෙවැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවරයෝ තීරණහ කළහ. ඒ අනුව තෙවැනි දිනයේදී තරගයට අහිමිවූ පන්දුවාර සංඛ්‍යාව 52 කි.