ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19) දින අනුරාධපුරයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය. මෙම අවස්ථාවට ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් ද සහභාගි විය.
හමුවෙන් අනතුරුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහහා ප්‍රකාශ කළේ ” පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා හමුවීමට ලැබීම ගැන සතුටු වනවා. කලාපයේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා වගේම මෙරට පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සංවර්ධනය කිරීමටත් මෙරට ප්‍රගතිශීලී හවුල්කරුවෙකු බවට පත් කරගනිමින් ඉදිරියේදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙනි