විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (14) රාත්‍රී 7.30ට ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 07 වරට සංවිධාන කරන මෙම තරගාවලියේ අවසන් මහා තරගය කේන් විලියම්සන් මෙහෙයවන නවසීලන්තය සහ ආරොන් ෆින්ච් නායකත්වය දෙන ඔස්ට්‍රේලියාව අතර පැවැත්වේ.
කණ්ඩායම් දෙක තරග වදින්නේ රුපියල් කෝටි 32කට අධික මුදල් ත්‍යාගය සමඟ ස්වකීය මංගල විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමේ අරමුණ ඇතිවය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට නවසීලන්තය එක් වන පළමු අවස්ථාව මෙය වන අතර, ඔස්ට්‍රේලියාව එක් වන්නේ දෙවැනි වරටය. ඔවුන් මින් පෙර 2010 වසරේදී එංගලන්තය හමුවේ අනුශූරතාව දිනා ගත්තේය.
මේ තරගයට ශ්‍රී ලංකාවේ දෙදෙනෙක් ද එක් වෙති. තරගයේ තීරක ලෙස රංජන් මඬුගල්ල මහතා කටයුතු කරන අතර, සිව්වැනි විනිසුරු ලෙස නම් කර ඇත්තේ කුමාර ධර්මසේන මහතාය.
