සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි හා අවසන් එක් දින තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මාස 19කට පසුව පළමු වරට එක් දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
මෙහි තවත් එක් සුවිශේෂිත්වයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 08 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට හැකි වීමයි.
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 31 ක්ද රැස්කළා. දුෂ්මන්ත චමීර (29) හා තීක්ෂණ (10) 9වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුන ලකුණු 32ක සබඳතාවක් ගොඩනැඟීමද කැපී පෙනුනි.
කේෂව් මහරාජ් ලකුණු 38 කට කඩුලු 03 ක් ලෙස පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 කදී ලකුණු 125 කට සීමා කිරීමට දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කලසීන් ලකුණු 22කට දැවී ගියේය.
දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග අතර කඩුලු 02 බැගින් බෙදී ගිය අතර මහීෂ් තීක්ෂන මංගල තරගයේ ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් මෙම තරගයේදී දැක්වූ දක්ෂතාව අනුව සිය මංගල එක්දින තරගයේදී එම දස්කම දැක්වූ 4වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසද වාර්තා අතරට එක් වනු ඇත.
මෙම ජයග්‍රහණය සමග ප්‍රසාද ලකුණු 42 ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. සුපර් ලීග් ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.