ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් කණ්ඩායම අද (07) දින UL 455 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ ප්‍රභූ පර්යන්තය හරහා දිවයිනට පැමිණියහ.
ජාතික පැරාලිම්පික් කණ්ඩායම පිළිගැනීම ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ලෝක ශූර රන්පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා දැක්වූ අදහස්.
මට ගොඩාක් සතුටුයි ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීමට හැකි වීම පිළිබදව. ඉදිරියේදී මගේ ලෝක වාර්ථාව නැවත මා විසින්ම අලුත් කරන්න කැපවෙලා පුහුණුවීම් කටයුතු කරනවා.
යුද්ධ හමුදාවෙන් මම ක්‍රීඩාව පටන් ගන්නේ. අන්තර් ක්‍රීඩා තරගාවලියනේ මම රන් පදක්කම ජයග්‍රහණය කළා. යුද්ධ හමුදාවෙන් ලැබුණු පන්නරය සමග ඔවුන්ගේ සහයෝගය මට ශක්තියක් වුණා. ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික පැරාලිම්පික් කමිටුව මගේ ජයග්‍රහණයට ලොකු පිටුවහලක් වුණා.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දෙන පහසුකම් හා දීමනා මගේ ජයග්‍රහණයට සුවිශාල සහයෝගයක් වුණා වගේම ක්‍රීඩකයෙක් හැටියට මට ඒක ලොකු දිරිගැන්වීමක්.
මගේ පුහුණුකරු රෝහිත ප්‍රණාන්දු මහතා මා හට ඉතා දක්ෂ ලෙස අවශ්‍ය පුහුණුවීම් කටයුතු කිරීම සදහා උපදෙස් ලබා දුන්නා. ඔහුගේ මගපෙන්වීම යටතේ මා ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.
රන් පදක්කම්ලාභී ලෝකශූර දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් යන ක්‍රීඩකයින්ගේ පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්.
අපේ ක්‍රීඩකයින් දෙදෙනාගේ කැපවීමේ ප්‍රථිපලයක් තමයි අගෝස්තු 30 වෙනිදා අපිට ලැබුණේ. අපි ලෝකය ජයග්‍රහණය කළා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික ගීය වාදනය වුණා දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාගේ ලෝක වාර්ථාවත් සමග ජයග්‍රහණය කළ රන් පදක්කම වෙනුවෙන්.
ඒක අපිට ඉමහත් අභිමාණයක්. ඒ අභිමාණය ජාතික පැරාලිම්පික් කමිටුවටත්, ක්‍රීඩා අමාත්‍යාංශයටත් හිමිවිය යුතුයි. ඒ ගොල්ලෝ එකතුවෙලා ඒ ගමන ගියේ නැත්නම් අපිට මේ ජයග්‍රහණය හම්බවෙන්නේ නැහැ.
ඒ දෙගොල්ලොන්ගේ සහයෝගය ඉමහත් අගේ කොට සළකනවා.
එම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන්, ජාතික ක්‍රීඩා සභාවේ කමිටු සාමාජිකයන්, ජාතික පැරාලිම්පික් සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් ක්‍රීඩකයා පිළිගැනීම රන්පදක්කම්ලාභී ලෝකශූර දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා පිලිගැනීම