
කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංහට සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක සොහේල් තන්වීර්ට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් එම ක්‍රීඩකයින් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් යෙදවීමට එල්.පී.එල්. සංවිධායකයින්ට සිදුව ඇත. එමෙන්ම පුහුණුවීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත්වීම, කායික ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරවාලියට සහභාගි නොවන බවට දැනුම් දී ඇත. මොවුන් දෙදෙනා වෙනුවෙන්ද නව ක්‍රීඩකයින් දෙදෙනෙක් ගත යුතුව ඇත.
තරගාවලියට දින 05 ක් වැනි ඉතා සුලු කාලයකදී මෙවැනි අභියෝගයන්ට මුහුණ දීමට තරග සංවිධායකයින් බොහෝ වෙහෙසීමට සිදුව ඇත. කුමන බාදක ආවද ඒ සියලු බාදක ජයගෙන කෙසේ හෝ තරගාවලිය පවත්වන බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් පවසයි.